උපාලි ගුණරත්න අභාවප්‍රාප්ත වෙයි..

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ගුණරත්න අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 13-11-2026 | 6:59 PM

COLOMBO(News1st) - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ උපාලි ගුණරත්න අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 72 කි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දොම්පේ ආසන සංවිධානායකවරයා ලෙස කටයුතු කළ උපාලි ගුණරත්න 1994 සිට 2000 පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කළේ ය.

අනතුරුව ඔහු ශ්‍රී ලංකා රූපවාහනි සංස්ථාව,ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සතොස යන ආයතන වල සභාපති ධුරයද හෙබවූවේ ය.

අභාවප්‍රාප්ත උපාලි ගුණරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ දෙකටන නාමළුව පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.