LAUGFS ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

LAUGFS ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

by Staff writer 13-11-2026 | 10:18 PM

COLOMBO(News1st) - LAUGFS ගෑස් මිල අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රැම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 1,775කින්.

එහි නව මිල රුපියල් 6,740ක්.

කිලෝග්‍රැම් 5 LAUGFS ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල රුපියල් 2,720ක්.