නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය තාවකාලිකව වැසේ..

නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය අද හෙට හා අනිද්දා වරින් වර තාවකාලිකව වැසේ..

by Staff writer 18-11-2026 | 7:35 AM

COLOMBO(News1st) - නිට්ටඹුව – වේයන්ගොඩ මාර්ගය අද හෙට හා අනිද්දා වරින් වර තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය පවසයි.

ඒ, මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළ අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු කිහිපයක් සිදුකිරීම හේතුවෙන් ය.

බලධාරීන් පැවසුවේ විනාඩි 20ක පමණ කාලසීමාවන් සඳහා මෙලෙස වසා තැබීමට නියමිත බවයි.

ඉදිකිරීම් කටයුතු සිදුවන අවස්ථාවන්හිදී රථවාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස සියලුම රියදුරන්ගෙන් සහ මාර්ග භාවිතා කරන්නන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කරයි.