.webp)

කොටුව මහේස්ත්‍රාත්වරයා පැවසුවේ සිද්ධියට අදාළව මුල් වාර්තාව සහ නඩු භාණ්ඩ මේ වනවිටත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමුකර තිබෙන බවයි
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ සිද්ධියට අදාළව මේ වනවිට අල්ලස් කොමිසම කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට අධි චෝදනා ගොනු කර ඇති බවයි.
සිද්ධියට අදාලව සැකකාර නාමල් රාජපක්ෂ මේ වනවිට මෙම කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝගයකට අනුව බන්ධනාගාර භාරයේ සිටින බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ය.
මියගොස් සිටින නඩුවේ පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවත් විමර්ශන නිලධාරීන් පැවසුවේ ය.
එමෙන්ම විමර්ශන නිලදාරීන් පවසා සිටියේ, නඩුවේ සෙසු සැකකරුවන් වන මේ වනවිට විදේශගතව සිටින ප්‍රියංකා නියෝමාලි සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන්න සැකකරුවන්ට මේ වන විට විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බවයි.
මෙම නඩුකරයට අදාලව නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හට හෙට දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දීමට නියමිතයි.
