.webp)
-628253.jpg)
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන Siri Bijune මහත්මිය මෙන්ම ඩුබායි පොලිසියේ ජාත්‍යන්තර සහයෝගිතා අංශයේ අධ්‍යක්ෂකවරයා පොලිස්පතිතුමන් හමුවූ ආරක්ෂක ප්‍රධානීන් අතර වේ.
මෙරටින් පළාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට භාරදීමට මෙන්ම පිටුවහල් කිරීමට කඩිනමින් ක්‍රියාකරමින් එරට දක්වන රාජතාන්ත්‍රික සහයෝගය පිළිබඳව පොලිස්පතිතුමන් එහිදී එම නිලධාරීන් වෙත සිය ගෞරව පූර්වක ස්තූතිය පුදකර තිබේ.
පොලිස්පතිතුමන් සමග ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ද එම සියලු අවස්ථාවන් සඳහා සහභාගී වී ඇත.
