පාකිස්ථානයට විශිෂ්ට ජයක්

එංගලන්තයට එරෙහිව පාකිස්ථානයට විශිෂ්ට ජයක්

by Staff writer 25-10-2026 | 11:04 PM

COLOMBO(News1st) - තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගය පාකිස්ථාන කණ්ඩායම කඩුල්ලකින් අද ජය ගත්තා.

ඒ පාකිස්ථාන ක්‍රීඩක ශඩාබ් ඛාන්ගේ සුපිරි පිතිහරඹයත් සමගයි.

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට සහයෝගය දක්වමින් පාකිස්ථාන ක්‍රීඩකයින් අද රෝස පැහැති නිල ඇඳුමෙන් ක්‍රීඩා කළා.

ලාහෝර්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 46යි පන්දු 4ක් තුළ සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241ක්.

බෙන් ඩකට් ලකුණු 105ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම තරගය ජයගත්තේ පන්දුවාර 47යි පන්දුවක් තුළ කඩුලු 9ක් දැවී සිටියදී.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ශඩාබ් ඛාන් නොදැවී ලකුණු 113ක් රැස් කළා