.webp)
-628562.jpg)
ඒ, නව කැලණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය අතර සම්බන්ධක කොටස ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන්.
ඒ අනුව, අද රාත්රී 9 සිට ලබන 25 වැනිදා අළුයම 5 දක්වා මාර්ග කොටස් තාවකාලිකව වසා තැබෙනු ඇති.
යළි නොවැම්බර් 25 වැනිදා සිට 27 වැනිදා දක්වා දෛනිකව, එම මාර්ග කොටස් රාත්රී 9 සිට පසුදින අළුයම 5 දක්වා වසා තැබීමට නියමිත වේ.
නොවැම්බර් 28 වැනිදා රාත්රී 9ට වසා දැමෙන මාර්ග කොටස් යලි විවෘත වන්නේ දෙසැම්බර් පළමු වැනිදා අළුයම 5ට බව මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත් කල නිවේදනයේ සඳහන්.
