.webp)

ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
1935 මාර්තු 24 දින මෙලොව එළිය දුටු සුමිත්‍රා පීරිස් ශ්‍රී ලාංකීය සිනමාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කල අධ්‍යක්ෂවරියයි.
ඇය විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර මහත් ජනපියත්වයට පත් චිත්‍රපටයක් ලෙස ගඟ අද්දර චිත්‍රපටය හැඳින්විය හැකියි.
හෙළ සිනමාවේ පියා වන ශ්‍රේෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඇයගේ ජීවන ගමනේ සහකරුවායි.
කොළඹ විශාකා විද්‍යාලයෙන් ගුරුහරුකම් ලබා ගත් ඇය වයස අවුරුදු 20 වන විට යුරෝපය බලා පිටත්ව ගියා ය.
ගැහැනු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව , යහළුවෝ සහ වෛශ්නාවී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කල චිත්‍රපට අතරට අයත් වේ.
චිත්‍රපට අධ්‍යක්ෂණයට පමණක් සීමා නොවු ඇය චිත්‍රපට සංස්කාරවරියක් ලෙසත් මෙරට සිනමාවට මහත් සේවයක් සිදු කළ බව නොරහසකි.
ඇය සංස්කණය කළ චිත්‍රපට අතරට ගම්පෙරළිය ,දෙලොවක් අතර, බක්මහ දීගේ, මඩොල් දූව යන චිත්‍රපට ඇතුළත් වේ.
දෑස නිසා චිත්‍රපටය ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ නිෂ්පාදනයකි.
මෙරට සිනාමවට අමිල මෙහවරක් කරමින් සම්මාන රැසකට හිමිකම් කියු හෙළ සිනමාවේ ආදරණීය කිවිදිය ...ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියනි ඔබ කළ මෙහෙවර අප හදවත් තුළ සැමදා ජීවමානයි.
