USS Anchorage (LPD-23) කොළඹට සේනදුවෙයි

USS Anchorage (LPD-23) අමෙරිකානු යුද නැව කොළඹට සේන්දු වෙයි

by Sagarika Chathumali 19-01-2023 | 3:45 PM

COLOMBO (News 1st) – සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික අභ්‍යාසයට (CARAT–2023 ) සහභාගීවීම සඳහා ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව අද උදෑසන  කොළඹ වරායට සේන්දුවිය. 

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ San Antonio – Class amphibious transport dock වර්ගයේ යුද නෞකාවක් වන ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, දිගින් මීටර් 208 ක් හා නැව් මුළුව 477 ක ගෙන් සමත්විතයි. 

නාවික හමුදාව පැවසුවේ, CARAT–2023 අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව එම නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු සහ සමුදුර නෞකාවන් සමග CARAT–2023 නාවික අභ්‍යාසයේ මුහුදු අදියර සඳහා සහභාගීවීමට නියමිත බවයි. 
 
CARAT–2023 නාවික අභ්‍යාසය සඳහා සහභාගීවීමෙන් අනතුරුව  ‘USS Anchorage’ නෞකාව   27 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.