.webp)
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, මෙරට සිදුවන මරණවලින් 83% ක් ම සිදුවන්නේ බෝ නොවන රෝගවලින් බවයි.
රෝගීන් දියවැඩියාව පාලනය නොකිරීම හේතුවෙන් වකුගඩු රෝගවලට පිවිසීම හෝ හෘදයාබාධවලට යොමුවන බව ද ඇය පැවසුවාය.
විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පෙන්වා දෙන්නේ, එසේ නොවුනහොත් අංසභාග තත්ත්වයන්ට හෝ පත්වන බවයි.
මේ හේතුවෙන් අධික රුධිර පීඩනය ද ඇතැම් රෝගීන්ට වැළදෙන බව වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවාය.
බොහෝ පිරිස් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට නොපැමිණෙන බව ද ඇය සඳහන් කළා ය.