ඉදිරියේදී ඩිප්ලෝමාධාරීන් ගුරු වෘත්තියට ගන්නේ නෑ..

ඉදිරියේදී ඩිප්ලෝමාධාරීන් ගුරු වෘත්තියට බඳවා ගන්නේ නෑ - සුසිල් ප්‍රේමජයන්ත

by Staff writer 27-07-2024 | 7:11 AM

COLOMBO (News 1st) – ඩිප්ලෝමාධාරීන් ඉදිරියේදී ගුරු වෘත්තියට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී විද්‍යාපීඨ සියල්ල එක් කර එක් විශ්වවිද්‍යාලයක් බවට පත් කරන අතරම 2028 වර්ෂයෙන් පසු ගුරුවරුන් ලෙස බඳවා ගනු ලබන්නේ, අධ්‍යාපනවේදී උපාධිධාරීන් බවයි.

වේගයෙන් වෙනස් වන දැනුම අනුව ගුරු වෘත්තිකයන්, වෛද්‍යවරුන් වැනි සෑම වෘත්තිකයකු ම සිය දැනුම යාවත්කාලීන කරගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ අතර ප්‍රාථමික අධ්‍යාපනයේ පදනම වන සෞන්දර්ය විෂය කිසිසේත් විෂයමාලාවෙන් ඉවත් නොකරන බවද අමාත්‍යවරයා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ කෘතිම බුද්ධිය හා තොරතුරු තාක්ෂණ විෂය මුසු කොට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් දක්වා පාසල් විෂයමාලාව නිර්මාණශීලි ව ඔසවා තබන බවයි.

එහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කර පාසල් 100 ක ක්‍රියාත්මක ව ඇති අතර  ඊට සරිලන සේ ගුරුවරුන් පුහුණු කර මයික්‍රොසොෆ්ට් ආයතනයත් සමග එක් ව අන්තර්ජාතික පිළිගැනීමක් සහිත බලපත්‍රයක් එම ගුරුවරුන්ට ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.