.webp)
රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ, කීරි සම්බා සහල්වල පවතින හිඟයට විසඳුම් ලෙස එම පියවර ගත් බවයි.
කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් 1 ක් අළෙවි කළ හැකි උපරිම මිල රුපියල් 260 කි.
මේ අතර රු. 9000ක මිලකට බණ්ඩි පොහොර අළෙවි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, මීට පෙර රු. 19,500 ක මිලකට බණ්ඩි පොහොර අළෙවි කළ බවයි.
මඩ පොහොර ගිය වසරේ භාවිත කිරීම හේතුවෙන් මෙවර භාවිත කිරීමට අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවට අමාත්‍යවරයා සඳහන් කළේ ය.