විදුලි බල ප්‍රතිසංස්කරණ කෙටුම්පතට අනුමැතිය

යෝජිත විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

by Staff writer 21-11-2023 | 6:09 AM

COLOMBO (News 1st) - යෝජිත විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළේ ය.

කංචන විජේසේකර මහතා පැවසුවේ, නව පනත් කෙටුම්පත ගැසට් කර අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු අනුමැති ලැබීමෙන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සිදු වන අතර 
ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම පුද්ගලික අංශයේ සහභාගීත්වය යටතේ සිදු වනු ඇති.

පෞද්ගලික අංශය සතු සීනි තොග රජයට පවරාගෙන සතොස මගින් අළෙවි කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.