පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක්

by Staff writer 27-11-2023 | 1:24 PM

COLOMBO (News 1st) – පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව, මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 

අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ, ලබන වසරේදී පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 5,000 ක් පමණ බඳවා ගන්නා බවයි.

ලබන වසරේ මුල් භාගයේදී ඊට අදාළ කටයුතු ආරම්භ කරන බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. 

ඒ අනූව අද දිනයේ පොලිස්පති ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා, පසුගිය 24 වැනිදා විශ්‍රාම ගියේ ය.