.webp)
COLOMBO (News 1st) – අමෙරිකානු ඩොලරයක මිල අද (17) රුපියල් 350 ඉක්මවා ගියේ ය.
පෙබරවාරි මාසය නිමාවන විට රුපියල් 360කට ආසන්නයේ තිබු ඇමරිකානු ඩොලර් එකක මිල දින දහයක් තුළ රුපියල් 318 ක් දක්වා පහළ වැටුණ නමුත් පසුගිය දින පහ තුළදී ඩොලරය යලි රුපියල් 350 ඉක්මවා ඉහළ යාමක් පෙන්නුම් කළේය.
මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාත අගයන් වලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 350 යි සත 22 ක් ලෙසයි.
අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද (17) රුපියල් 332 යි සත 20 ක් ලෙස දැක්විණි.