.webp)
COLOMBO ( News 1st ) - උසස් වීම් සම්බන්ධ ගැටලුවක් මුල් කරගනිමින් දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා තිබේ.
දුම්රිය රියැදුරන්ගේ සංගමය පැවසුවේ බලධාරින් අතර පැවති සාකච්ඡාවකින් පසුව වැඩවර්ජනය තාවකාලිකව අත්හිට වූ බවයි.
තුන්වන පන්තියේ රියැදුරන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මත අද (31) දහවල් 12.00 සිට අදාළ රියැදුරන් ධාවනයෙන් ඉවත් වූ අතර මේ හේතුවෙන් දුම්රිය 02ක් අවලංගු කිරීමට ද සිදූවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්රකාශ කළේ ය.