.webp)
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන්ගෙන් මණ්ඩලයට රුපියල් මිලියන 1600 කට අධික මුදලක් අයවිය යුතු බවයි
ඉන් 15000 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය මේ වනවිට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
ඒ අතර ගෘහස්ථ පාරිභෝගිකයින්, ව්‍යාපාරික ස්ථාන මෙන්ම රාජ්‍ය ආයතන ද වෙයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තු ඉහළ දැමිමත් සමග බිල්පත් ගෙවීම 40% ක් දක්වා අඩුවී තිබේ.
පවතින තත්ත්වයත් සමග ජල සම්පාදන මණ්ඩලයට පාරිභෝගිකයින්ගෙන් අයවිය යුතු මුදල රුපියල් මිලියන 8400කට අධිකයි.
මෙවැනි තත්ත්වයක් යටතේ ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවකට මුහුණ දී ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේ ය.