චීනය අමෙරිකාවේ ඔත්තු බලන බවට හෙළිදරව්වක්

චීනය අමෙරිකාවේ ක්ෂේත්‍ර රැසක ඔත්තු බලන බවට හෙළිදරව්වක්

by Staff writer 25-05-2023 | 6:38 AM

News 1st - රාජ්‍ය සහය ලබන චීන හැකර්වරුන් කණ්ඩායමක් අමෙරිකාවේ තීරණාත්මක යටිතල පහසුකම් සපයන ආයතන රැසක ඔත්තු බලමින් සිටින බව අනාවරණය වී තිබේ.

විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ, බුද්ධි අංශ තොරතුරු උපුටා දක්වමිනි.

අමෙරිකාවේ අතිශය සංවේදී ආයතන වන විදුලි සංදේශ ආයතන, ප්‍රවාහන ක්ෂේත්‍රය ඇතුළු අංශ ගණනාවක ආයතන රැසක් මෙම චීන හැකර්වරුන්ගේ ඉලක්කය වී ඇති බව බුද්ධි තොරතුරු තහවුරු කර ඇත.

නිෂ්චිතව කොපමණ අමෙරිකානු යටිතල පහසුකම් සපයන ආයතන සංඛ්‍යාවක් ඔවුන්ගේ ඉලක්ක වී ඇත්දැයි හෙළි වී නැත.