ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 26-05-2023 | 6:21 AM

දේශීය පුවත්
1.දුම්රියක ගැටී තරුණයින් දෙදෙනෙකු මරුට.. – වේයන්ගොඩ දී දුම්රියක ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.  

2.G7 නායකයින් ගත් තීරණ පිළිබඳ ශ්‍රී ලංකාව ප්‍රසාදය පළ කරන බව ජනපති කියයි – හිරෝෂිමා නුවරදී G7 නායකයින් ගත් තීරණ පිළිබඳව ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  

3.අබිරහස් ලෙස මියගිය ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ සිරුර ගොඩ ගැනේ.. – අබිරහස් ලෙස මිය ගිය ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් මහතාගේ මළ සිරුර ඊයේ (26)පෙරවරුවේ ගොඩ ගැනුණි.  

4.නව කම්කරු නීති පද්ධතිය ජුනි මුල වනවිට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරනවා – විදේශ රැකියා ඇමති – නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය මුල වනවිට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. 

5.ජනපති ජපාන අගමැති හමුවෙයි…ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජපානය දෙන සහායට ජනපතිගෙන් තුති – ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා හමුවී තිබේ.  


විදෙස් පුවත්

1. ග්‍රැමි සම්මානලාභී ජනප්‍රිය අමෙරිකානු ගායිකා ටීනා ටනර් අභාවප්‍රාප්ත වෙයි  – 12 වතාවක් ග්‍රැමි සම්මානයෙන් පිදුම් ලැබූ ජනප්‍රිය අමෙරිකානු ගායිකාවක් වන ටීනා ටනර් අභාවප්‍රාප්ත වී තිබේ.