.webp)
COLOMBO (News 1st) – සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ සිද්ධියට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නැවත කැඳවීමෙන් පසුවයි.
නඩුව අද කැඳවූ අවස්ථාවේ සැකකරුවන් අධිකරණයට රැගෙනවිත් නොතිබූ අතර ඔවුන් පෙනී සිටියේ ස්කයිප් ඔස්සේයි.
ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් පසුව නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර පසුගියදා අත්අඩංගුවට ගැනිණ.
මේ අතර අගතියට පත් පාර්ශ්වයක් ලෙස පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෙනුවෙන්ද අද නීතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්වී ය.