රාජාංගනයේ සද්ධාරතන හිමි 21 තෙක් රිමාන්ඩ්

රාජාංගනයේ සද්ධාරතන හිමි 21 තෙක් රිමාන්ඩ්

by Staff writer 07-06-2023 | 5:27 PM

COLOMBO (News 1st) - පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 

ඒ , උන්වහන්සේ අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය කෙළ් ය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගනු ලැබුවේ,  ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට වූ චෝදනා මතයි.