ඒ පසුගියදා Facebook මව් සමාගම වන Meta සමාගම හඳුන්වා දුන් නව යෙදවුම හේතුවෙන් ය..
Twitter සමාජ මාධ්‍ය ජාලය හා සමාන Threads ලෙස නම් කර ඇති මෙම නව යෙදවුම දියත් කර පැය 24ක් තුළදී පරිශීලකයින් මිලියන 30ක් පමණ ඊට එක් වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.
Twitter සමාගමේ නීතීඥවරයා, Meta සමාගමේ ප්‍රධානී Mark Zuckerberg වෙත ලිපියක් යවමින් පවසා ඇත්තේ බුද්ධිමය දේපල මත පදනම්ව Meta සමාගමට එරෙහිව නඩු පැවරීමට ඔවුන්ට හැකි බවයි.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එලෝන් මස්ක් Twitter සමාගම මිලදී ගැනීමත් සමග එහි වෙනස්කම් රැසක් සිදුවී තිබේ.
එලෝන් මස්ක් Twitter සමාගමේ සේවකයින් 6000ක් පමණ ඉවත් කිරීම ඒ අතරින් විශේෂයි.
Twitter සමාගමේ නීතීඥවරයා, ඔහුගේ ලිපිය හරහා පෙන්වා දෙන්නේ, මෙටා සමාගම එම සේවකයින් භාවිත කරමින් Twitter හා සමාන මෙම යෙදවුම නිර්මාණය කර ඇති බවයි.
නමුත් Meta සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
Twitter සමාගමේ හිටපු සේවකයින් කිසිවෙකු Threads හා සම්බන්ධ නොවූ බව ඔහු සඳහන් කළේ ය.