ඒ අනුව, එරට ප්‍රධාන විපක්ෂය ප්රමුඛ විපක්ෂයේ පක්ෂ ලබාගෙන ඇති ආසන සංඛ්‍යාව 235කි.
ලිබරල් ඩිමොක්රටික් පක්ෂය ප්රමුඛ පාලක සන්ධානයට හිමිව ඇත්තේ, ආසන 208ක් පමණි.
මෙය දශකයට වැඩි කාලයක් තුළ ජපාන පාලක පක්ෂය ලැබූ විශාලතම පරාජයක් බව, දේශපාලන විචාරකයින් පෙන්වා දෙනු ලැබේ.
මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට නියමිත ආසන සංඛ්‍යාව 22කි.
ආසන 465 කින් සමන්විත ජපාන පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ලබා ගැනීමට නම්, ආසන 233 ක් ජයග්‍රහණය කළ යුතු වේ.
ඡන්ද දායකයින් මෙවර දරුණු තීන්දුවක් දී ඇති බව ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායක ජපාන අග්‍රාමාත්‍ය ශෙයිගු ඉෂීඩා සඳහන් කළේ ය.
එම ප්‍රතිඵලය නිහතමානීව භාර ගැනීමට සිදුවන බව ද, ජපාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
දේශපාලන අරමුදල් රැස්කිරීමේ දූෂණ වංචාවක් හේතුවෙන් ලිබරල් ඩිමොක්රටික් පක්ෂය කෙරෙහි පැවති ජනතා විශ්වාසය බිඳ වැටුණි.
පසුගිය අගෝස්තු මාසයේ ෆුමියෝ කිෂිඩා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, පාලක පක්ෂ නායක ෂිගෙරු ඉෂිබා ජපාන නව අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණේ පාලක පක්ෂයේ බහුතර ඡන්දයෙනි.
අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දී දින තුනකට පසු, ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවනු ලැබුවේ ය.