සිරස TV නවතම වැඩසටහන The Voice Kids

සිරස TV ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කරන නවතම වැඩසටහන The Voice Kids එළිදකී

by Sagarika Chathumali 19-09-2023 | 3:38 PM

COLOMBO (News 1st) –  The Voice සහ The Voice Teens  සිය ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කළ සිරස TV ඔබ වෙත ගෙන එන නවතම වැඩසටහන The Voice Kids එළිදැක්වීම අද (19) ස්ටයින් මැදිරි  සංකීරණයේදී නිවේදනය කළේ ය.    

ඒ අනුව රත්මලාන ස්ටයින් ස්ටුඩියෝහි ප්‍රේක්ෂකයින් ඉදිරියේ  සජීවීව රූගත කෙරෙන  The Voice Kids වැඩසටහන සැප්තැම්බර් 23 වනදා සිට රාත්‍රි  7.30ට සිරස TV ඔස්සේ ප්‍රේක්ෂකයින් වෙත සමීප කෙරෙනු ඇති. 

Blind Auditions, Battles, Sing-off, Quarter Finals, Semi Finals සහ The  Final වශයෙන් තරගකරුවන් සහ තරගකාරියන් ප්‍රධාන වශයෙන්  මාස 6ක් තිස්සේ  අදියර කිහිපයක් යටතේ තරග වදිනු ඇති.

ප්‍රදීප් රංගන, නදිනි ප්‍රේමදාස , හර්ෂණ දිසානායක, උරේෂා  රවිහාරී  වැඩසටහනේ  පුහුණුකරුවන් ලෙස කටයුතු කරන අතර වැඩසටහන මෙහෙයවනු ලබන්නේ, ජනප්‍රිය ගායිකා  නතාෂා  පෙරේරා  විසිනි.   

 සිරස  TV සිය ප්‍රේක්ෂකයින් අතරට සමීප කරන මෙම නවතම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා පැවසුවේ, මෙය මෙරට ආනාගත පරපුර වෙනුවෙන් සිදුකරන ආයෝජනයක්  බවයි.  

 ''The Voice Kids වැනි ජාත්‍යන්තර බලයලත් වැඩසටහනක් වෙනුවෙන් සිරස මාධ්‍ය ජාලය ආයෝජනය පෙළඹුණේ, මෙය ශ්‍රී ලංකාවේ ආනාගත පරපුර වෙනුවෙන් කරන ආයෝජනයක් නිසා. මෙය 2023 සඳහා  පමණක් නොව ඔවුන්ගේ මුළු අනාගතය වෙනුවෙන්ම සාදා දෙන වේදිකාවක් නිසයි ''

මේ අතර Sirasa TV හි මෙම නවතම වැඩසටහන  පිළිබඳ අදහස් දක්වමින් MTV Channel Pvt Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා පැවසුවේ, මෙය කිසිවකුට නොදෙවෙනි වයස අවුරුදු  7 ත් 14 ත් අතර ගායන කුසලාවන්ගෙන් පිරිපුන් ළමුන් රැසකගේ දක්ෂතා සෙවීමක් බවත් දැන් මෙරට දක්ෂ දරුවන්ට  සිය  කලා හැකියාවන් පෙන්වීමේ වාරය පැමිණ ඇති බවත් ය.