පෙම්වතියගේ ඉල්ලීමට දරුවන් මැරූ පියෙක්ට මරණ දඬුවම

නව ජීවිතයක් ඇරඹීම සඳහා අනියම් පෙම්වතියගේ ඉල්ලීමට දරු පැටව් දෙදෙනා ඝාතනය කළ පියෙක්ට මරණ දඬුවම..

by Chathurika Jayasundara 03-02-2024 | 6:19 AM

COLOMBO (News 1st) -  පෙම්වතිය සමග එක්ව තම පෙර විවාහයේ දරුවන් දෙදෙනා ඝාතනය කළ චීන ජාතිකයෙකුට හා ඔහුගේ පෙම්වතියට මරණ දණ්ඩනය ලබා දුන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ෂැං නම් මේ චීන ජාතිකයා තම පෙම්වතිය සමග එක්ව නව ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින් තම දරුවන් දෙදෙනා ගොඩනැගිල්ලක 15 වන මහලෙන් ඉවතට විසි කර තිබෙනවා  

මෙලෙස ඝාතනය කර ඇත්තේ , අවුරුදු දෙකක ගැහැණු ළමයෙක්  සහ අවුරුද්දක් වයසැති පිරිමි ළමයෙක්  

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, සිද්ධිය විමර්ශනයේදී ෂැං තමා විවාහක බවත් දරුවන් දෙදෙනෙකු සිටින බවත් සඟවමින් ''යේ චෙන්චෙන් '' සමග අනියම් සබඳතාවක් ආරම්භ කර ඇති බව පෙනී ගිය බවයි 

පසුව ඔවුන්ගේ විවාහයට  දරුවන් දෙදෙනා බාධාවක් වන නිසා ඔවුන්ව මරා දමන ලෙස ෂැංගේ පෙම්වතිය ඔහුට නිරන්තරයෙන් බල කර තිබෙනවා    

ඒ 2020දී ෂැං ඔහුගේ බිරිඳගෙන් දික්කසාද වීමෙන් පසුවයි.   

ඝාතනයට හවුල් වීම හා  ඝාතනයට පෙළඹ වීම නිසා ෂැංගේ පෙම්වතිය වන ''යේ'' ද  අධිකරණය විසින් වරදකරුවෙක් ලෙස නම් කර තිබෙනවා  

ඔවුන්ගේ අභිප්‍රාය නින්දිත සහ ම්ලේච්ඡ යැයි තීරණය කළ අධිකරණය මේ යුවළට 2021දී මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා

දීර්ඝ අභියාචනා ක්‍රියාවලියකින් පසුව දෙවන නඩු විභාගයක් පැවති අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ඔවුන් තවදුරටත් වැරදිකරුවන් බව පවසා මරණීය දණ්ඩනයට අනුමතය ලබා දී තිබෙනවා  
    
ඒ අනුව, මරණ දඬුවම අනුමත කිරීමෙන් පසුව පසුගිය බදාදා ඔවුන්ට මරණ දඬුවම ලබා දී තිබුණා. 

නමුත් මේ වන විටත් ඔවුන් මරණයට පත් කළේ කෙසේද යන්න වාර්තා වී නොමැති අතර, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ   
චීනය මරණීය දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ දත්ත රහසිගතව තබා ගන්නා බවයි. 

නමුත් චීනයේ මරණීය දඬුවම ක්‍රියාත්මක කරන වඩාත් සුලභ ක්‍රමය වන්නේ මාරාන්තික එන්නත් කිරීමයි.  

විදෙස් මාධ්‍ය සඳහන් කරනේ, මාරාන්තික එන්නත් කිරීමකින් ඔවුන්ට මරණ දඬුවම ලබා දෙන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන බවයි.  

මේ වනවිට මෙම සිදුවීම චීනයම කම්පාවට පත් කර තිබෙනවා.