මම තාමත් පණපිටින්..-පූනම් පාණ්ඩේ

මම තාමත් පණපිටින්..-පූනම් පාණ්ඩේ

by Chathurika Jayasundara 03-02-2024 | 3:45 PM

COLOMBO (News 1st) –  ඉන්දියාවේ ප්‍රකට නිරූපිකාවක වන පූනම් පාණ්ඩේ මියගොස් නොමැති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

"මම ජීවතුන් අතර ඉන්නවා. මැරුණේ නෑ. මං වෙනුවෙන් කණගාටු වූ අය මට සමාවෙන්න" යැයි ඇය සිය සමාජ මාධ්‍ය හරහා තම රසිකයින්ට දැනුම් දී තිබෙනවා 

ඇය ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මියගොස් ඇතැයි බොහෝ මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.. 

ලොව පුරා පුවත් මවන්නියක් වන පූනම් පාණ්ඩේ 2011 ලෝක කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කළහොත් තමා නිරුවතින්  ගමන් කරන බව ද එකල ඇය පැවසුවා.

ඉන්දියාව එහිදී ලෝක කුසලානය ජය ගත්ත ද ඇය ප්‍රකාශ කළ පරිදි එය සිදු කළේ නැහැ.

සූරූපි පූනම් පාණ්ඩේගේ 32වැනි උපන් දිනය ද යෙදී තිබුණේ පසුගිය පෙබරවාරි 01වැනිදා වීම විශේෂත්වයක්.