සුරතලා බේරා ගැනීමට සර්පයා අතින් අල්ලා වීර දියණියක්

සර්පයෙකුගේ ගොඳුරක් වීමට ගිය සුරතලා බේරා ගැනීමට,සර්පයා අතින් අල්ලා විසිකළ 12 හැවිරිදි වීර දියණියක්..

by Chathurika Jayasundara 03-02-2024 | 3:19 PM

COLOMBO (News 1st) –  තම සුරතල් guinea pig සර්පයෙකුගෙන් බේරාගත් 12 හැවිරිදි වීර දියණියක් පිළිබඳ තොරතුරු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.

රෝසි වයිට්මන් නැමති එම දැරිය නිවසේ පඳුරු තුළ සැඟවී සිටි සර්පයෙක් ඇගේ සුරතල් guinea pig අල්ලා ගත් අවස්ථාවේ සර්පයාගේ වලිගයෙන් අල්ලාගෙන එහෙට මෙහෙට පද්දා guinea pig බේරා ගැනීමට උත්සාහ කර තිබෙන බව CCTV වීඩියෝව දැක්වෙනවා.

පසුව ඇගේ පියා පැමිණ සර්පයා අල්ලා විසි කර සුරතලා බේරා ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර අවධානය දිනූ මේ සිදුවීම ගැන රෝසි පැවසුවේ මෙවැන්නක්.

''සර්පයා විසින් ම⁣ගේ සුරතල් guinea pig පැටියා ඔතා ගත්තා, මම සර්පයාව අල්ලා ගෙන එහාට මෙහාට පැද්දුවා. අතහරියි කියලා හිතලා"

මෙහි CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් වීමත් සමග දැරියගේ මෙම වීර ක්‍රියාව පිළිබඳ ⁣මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.