බංග්ලාදේශ සිසු විරෝධතාවලින් 105ක් මරුට

බංග්ලාදේශ සිසු විරෝධතාවලින් 105ක් මරුට: ඇඳිරි නීතියත් පනවයි..

by Staff writer 20-07-2024 | 7:39 AM

COLOMBO (News 1st) - බංග්ලාදේශයේ ක්‍රියාත්මක සිසු විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රට පුරා පැතිර ගිය නොසන්සුන්තාව හේතුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති බවයි. 

ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් ද කැඳවා  තිබේ. 

විරෝධතා හමුවේ එරට පොලීසිය විසින් ඩකා අගනුවර මහජන රැස්වීම් පැවැත්වීම තහනම් කර තිබුණි. 

විරෝධතා ආරම්භ වුණේ, රජයේ රැකියා දීමේ විශේෂ කෝටා  ක්‍රමයක් අහෝසි කිරීමට ගෙන තිබූ තීරණය යළි සක්‍රීය කරන්නැයි අධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙන්ය.