හැරගිය පෙම්වතා හෝ පෙම්වතියගේ නමින් කැරපොත්තෙක්

හැරගිය පෙම්වතා හෝ පෙම්වතියගේ නමින් කැරපොත්තෙක් නම් කරන්න අවස්ථාවක්..

by Chathurika Jayasundara 09-02-2024 | 11:40 AM

COLOMBO (News 1st) – ඔයාගේ හැරගිය පෙම්වතිය හෝ පෙම්වතාගේ නමින් කැරපොත්තෙක් නම් කරන්න අවස්ථාව ලැබුණොත් ඔයා මොකද කරන්නේ? 

අමෙරිකාවේ සත්ත්වෝද්‍යානයක් තමයි, මේ අපූරු නිර්මාණාත්මක අදහසක් ඉදිරිපත් කරලා තියෙන්නේ.  

ඒ, පෙබරවාරි 14 වැනිදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්. 

ඉතින් ඔයාට ඔයාගේ ආදරයේ හෝ වෛරයේ ප්‍රකාශනයක් විදිහට කැරපොත්තකු නම් කරන්න මේ සත්ත්වෝද්‍යානය අවස්ථාව සලසලා දීලා තියෙනවා.

 සත්ත්වෝද්‍යානය සඳහා ඔන්ලයින් මාර්ගයෙන් අරමුදල් රැස් කර ගැනීම තමයි  මේ අදහසේ මූලික අරමුණ.

විදෙස් මාධ්‍ය පවසන්⁣නේ, එලෙස කැරපොත්තෙකු නම් කිරීම සඳහා ඩොලර් 15ක මුදලක් අය කරන බවයි. 

පසුව එම ආදරවන්තයාට හෝ ආදරවන්තියට තමන් නමින් කැරපොත්තෙකු නම් කර ඇති බවට ඊමේල් එකක් හරහා සහතික පතක්ද ලැබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.