ඔස්ට්‍රේලියා ගිය ජනපති යළි දිවයිනට..

ඔස්ට්‍රේලියා ගිය ජනපති යළි දිවයිනට..

by Staff writer 11-02-2024 | 7:10 AM

COLOMBO (News 1st) - ඕස්ට්‍රේලියාවේ නිල සංචාරය නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස දිවයිනට පැමිණියේ ය.

ඒ , ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකිනි.

ජනාධිපතිවරයා, පසුගිය 08 වැනිදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා පිටත්ව ගියේ ,07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහායි. 

මේ අතර ජනාධිපතිවරයා ඔස්ට්‍ර්ලියාවේදී ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන වියොන් සමග සම්මුඛ සාකච්ඡාවකට ද එක් විය.

එහිදි ජනාධිපතිවරයා සඳහන් කලේ, මේ වසරේදී ජනාධීපතිවරණයක් සහ මහමැතිවරණයක් පැවැත්වෙන බවයි.