.webp)
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මොරිෂස් රාජ්‍යයේ අගමැති ප්‍රවීන් ජග්නාත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ය.
ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මගින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ UPI ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත හරහා ගෙවීමේ කටයුතු සිදු කිරීමේ ක්‍රමය නිල වශයෙන් හඳුන්වාදීම සිදු කෙරිණ.
මේ අවස්ථාවට රටවල් තුනේම මහබැංකු අධිපතිවරුන්ද එක්ව සිටියේ ය.
NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළෙඳසැල් 10,000 ක ක්‍රියාවට නැංවීමට නියමිතයි.
මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට අදාළ පහසුකම සහිත වෙළඳසැල් සංඛ්‍යාව 65.000 ක් දක්වා පුළුල් කිරීමට සැළසුම් කර තිබේ.