සබරගමුව සරසවියේ පහරදීම: සිසුන් 7ක් අත්අඩංගුවට

සබරගමුව සරසවියේ සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් සිසුන් 7ක් අත්අඩංගුවට

by Staff writer 12-02-2024 | 6:46 AM

COLOMBO (News 1st) - සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසර සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් සිසුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් අද (12) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් පසුගිය සිකුරාදා රාත්‍රියේ ආපනශාලාවේ ආහාර ලබා ගනිමින් සිටියදී එම පහරදීම සිදුව තිබුණි.

පහරදීමෙන් තුවාල ලැබූ සිසුවියක් හා සිසුන් දෙදෙනෙක් මේ වනවිට පඹහින්න හා බලංගොඩ යන රෝහල්වල ප්‍රතිකාර ලබනු ඇත.

පහර දීමට සම්බන්ධ සිසුන් පොලීසියට භාර වීමෙන් අනතුරව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.