කොළඹට ආ ගුවන් යානයක් යළි ගොඩ බස්සවයි..

මෙල්බර්න් සිට කොළඹට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩ බස්සවයි..

by Staff writer 13-02-2024 | 7:06 AM

COLOMBO (News 1st) - මෙල්බර්න් සිට කොළඹ දක්වා පියාසර කළ ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි ගොඩ බස්සවා තිබේ. 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේ, එම ගුවන් යානය මෙල්බර්න් වේලාවෙන් ඊයේ පස්වරු 6.18 ට පමණ ගුවන්ගත කළ අතර ඉන් අනතුරුව යළි ගොඩ බස්සවා ඇති බවයි.

එලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇත්තේ, UL 605 එයාර්බස් A ත්‍රී තර්ටි වර්ගයේ ගුවන් යානයකි.

එම ගුවන් යානයේ මගීන් 202 ක් හා කාර්ය මණ්ඩලය 15 ක් සිට තිබේ. 

එම මගීන්ට නවාතැන් පහසුකම් සලසා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

ගුවන් යානයේ කාර්මික දෝෂය නිවැරදි කර යළි ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට නියමිත බව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේ ය.