.webp)
ඒ, අද උදෑසන 6.30 සිටයි.
රුපියල් 35,000 ක දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලමින්, සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වෙයි.
ඊට අදාළව ඊයේ මුදල් අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡා අසාර්ථක වූ බව වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේ ය.
රජය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000 ක දීමනාවක් ලබාදීමට පසුගියදා තීරණය කළේ ය.
ඊට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු වෘත්තිය සමිති 72 ක් සිය විරෝධය පළ කරමින් අවස්ථා දෙකකදී සංකේත වැඩවර්ජනයන් පවා ක්‍රියාත්මක කළේ, තමන්ට ද අදාළ දීමනාව ලබාදෙන ලෙස බලකරමින් ය.
එහිදි බලධාරීන් ප්‍රකාශ කළේ අදාල ගැටලු සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමග සාකච්ජා කොට විසඳුමක් ලබාදෙන බවයි.
ඊට අදාළව මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා සෞඛ්‍ය වෘත්තිය සමිති ඊයේ තීරණාත්මක සාකච්ජාවක නිරත විය.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය වුවහොත් හමුදා සාමාජිකයින් අනියුක්ත කිරීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් නොමැති බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.