29 වැනි සුමති සම්මාන උළෙල..

සිරස TV සහ News 1st සම්මානයට පාත්‍රවූ 29 වැනි සුමති සම්මාන උළෙල..

by Staff writer 20-02-2024 | 11:33 PM

COLOMBO (News 1st) - 29 වන සුමති සම්මාන උළෙල අද (20) පස්වරුවේ කොළඹදී උත්කර්ශවත්ව පැවැත්විණි.

සිරස TVහා Newsfirst,මෙහිදී සම්මාන රැසකින් පිදුම් ලැබුවේ ය.

29 වන සුමති සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ, 2022 වසර සහා 2023 යන වසර දෙකම මූලික කරගනිමිනි.

Newsfirst හි රන්දික හෙට්ටිආරච්චි නිෂ්පාදනය කල 'වස්ගමු විස්මය' වැඩසටහන මෙවර සුමති සම්මාන උළෙලේ 2022 වසර සඳහා වූ හොඳම රූපවාහිනි වැඩසටහනට හිමි සම්මානය දිනාගත්තේ ය.

මෙවර සම්මාන උළෙළේ 2022 වසර සඳහා වන හොදම රූපවාහිනි සංගීත වැඩසටහනට හිමි සම්මානය සිරස TV හි විකාශය වූ සඡ්ඡායනා වැඩසටහන වෙනුවෙන් දනේෂ් උපුල්  හිමි කරගත්තේ ය.

සම්මාන උළෙල විචිත්‍රවත් අංග රැසකින්ද වර්ණවත් විය.

ජනතාව වෙනුවෙන් ජනතාව සමග දශක ගනනාවක් පුරාවට ක්‍රියාත්මක 'ගම්මැද්ද' මෙවර සුමති සම්මාන උළෙලේ 2022 වසර සඳහා ජූරියේ විශේෂ සම්මානය හිමි කරගත්තේ ය.

සාරංග දිසාසේකර මෙවර සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය දිනාගත් අතර දුශේනි මියුරංගි වසරේ ජනප්‍රිය නිලියට හිමි සම්මානය හිමිකර ගත්තා ය.

29 වන සුමති සම්මාන උලෙලේ 2022 වසර සදහා වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක දෙවන ස්ථානය Newsfirst හි සනෝජ් මුතුමාලට හිමිවිය.

2022 වසරේ හොදම රූපවාහිනි ගවේෂනශිලි වාර්තාකරනයේ දෙවන ස්ථානය හිමිවුයේ  Newsfirst හි තිලක්ෂනි මධුවන්තිටයි.

තවත් කාණ්ඩ රැසක් ටෙලි නිර්මාණකරුවන් මෙහිදී ඇගයීමට ලක් වූ අතර කලා කරුවන්,, විද්වතුන්,, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.