2023 උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද ඇරඹේ

2023 උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද ඇරඹේ

by Staff writer 20-02-2024 | 6:24 AM

COLOMBO (News 1st) - 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, නැටුම්, සංගීත, නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යාව විෂයන් සඳහ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වන බවයි.

මෙම විෂයයන්හි පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අයැදුම්පතෙහි සඳහන් ලිපිනයන්ට ද යොමු කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය..

ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ප්‍රවේශපත් භාගත කළ හැකිය.

මේ අතර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත් ඇගයීම් කටයුතු ලබන 22 වැනි දා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පළමු අදියරේ ඇගයීම් කටයුතු ආරම්භ කෙරුණේ, පසුගිය 31 වැනිදා යි.

පසුගිය දා පැවති උසස් පෙළ විභාගයට අපේක්ෂකයන් තුන් ලක්ෂ හතලිස් හයදාස් නවසිය හැත්ත හයකු පෙනී සිටියහ.