විදුලි බිල 20% කින් අඩු වෙයිද?

විදුලි බිල 20% කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයෙන් නව යෝජනාවක්

by Staff writer 21-02-2024 | 6:00 AM

COLOMBO (News 1st) - විදුලි බල මණ්ඩල නව යෝජනාවලියෙන් විදුලි බිල 20% කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට සැලසුම් කර තිබේ.

එම නව යෝජනාවලිය හෙට (22) දිනයේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දීමට නියමිතය.

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය 15 වැනි දා පැවති මහජන අදහස් විමසීමෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දුන්නේ නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙසයි.