වියළි කාලගුණයත් සමග කැලණි ගගේ ජල මට්ටමේ අඩුවක්

වියළි කාලගුණයත් සමග කැලණි ගගේ ජල මට්ටමේ අඩුවක්

by Staff writer 21-02-2024 | 6:10 AM

COLOMBO (News 1st) - වියළි කාලගුණයත් සමග කැලණි ගගේ ජල මට්ටම අඩුවෙමින් ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, ඒ අනුව ගඟ දිගේ ලවණ ජලය රට අභ්‍යන්තරයට ගලා ඒම ආරම්භ වී ඇති බවය.

ඉන් ජල සැපයුමට වන බාධා මග හැරවීම සඳහා කැලණි ගඟ හරහා තාවකාලික ලබණ බාධකයේ ඉදිකිරීම් ආරම්භ කළ බව ඇය ප්‍රකාශ කළා ය.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ, වියළි හා උෂ්ණාධික කාලගුණයත් සමග ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවයි.

පවතින තත්ත්වය යටතේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාගෙන් ඉල්ලීමක් කර සිටි.