ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට නව පනතක්..

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට නව පනතක්..

by Staff writer 03-04-2024 | 7:27 AM

COLOMBO (News 1st) - ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

මෙම පනත් කෙටුම්පතින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් නඩුවක් ගොනු කිරීමට ඇයගේ සමීප කෙනෙකුට ඉදිරිපත් වීමට අවස්ථාව හිමි වීම වැනි ප්‍රතිපාදන රැසක් හඳුන්වා දී තිබේ.

ගම්පහ, රත්නපුර, කොළඹ, මාතර, මඩකලපුව, අනුරාධපුර, මොණරාගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් හිංසනයට පත් කාන්තාවන් සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 11ක් ක්‍රියාත්මක බව ද ඇය ප්‍රකාශ කළා ය.