යාපනය ගුවන්තොටුපොළ පෞද්ගලික අංශයට ?

යාපනය ගුවන්තොටුපොළ පෞද්ගලික අංශයට දීමට අභිලාශ කැඳවයි - වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය

by Staff writer 03-04-2024 | 5:52 AM

COLOMBO (News 1st) - යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පෞද්ගලික අංශයට බදු දීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුසු ආයෝජකයෙකු තොරා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බවය.

මේ අතර මත්තල ගුවන්තොටුපොළේ මෙහෙයුම් ඉන්දීය රුසියානු සමාගම් දෙකකට පැවරීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට යොමු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.