සංචාරකයින්ගේ Visa ගාස්තු අය නොකිරීම මසකින් දීර්ඝයි

රටවල් 7ක සිට එන සංචාරකයින්ගෙන් Visa ගාස්තු අය නොකිරීම මසකින් දීර්ඝ කෙරේ

by Staff writer 03-04-2024 | 5:58 AM

COLOMBO (News 1st) - රටවල් 7ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් Visa ගාස්තු අය නොකිරීම තවත් මාසයකින් දීර්ඝ කර තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, මේ මස 30 දක්වා එය ක්‍රියාත්මක බවයි.

ඉන්දියාව, රුසියාව, චීනය, ඉන්දුනීසියාව, තායිලන්තය, ජපානය සහ මැලේසියාව යන රටවල්වල සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ට මෙම අවස්ථාව හිමි වනු ඇත.

සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඔහු ප්‍රකාශ කළේ ය.