ගිලෙමින් තිබූ නැවක සිටි පිරිසක් බේරා ගැනේ..

ඕමාන් බොක්ක ආසන්න මුහුදේ,ගිලෙමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරා ගැනේ..

by Staff writer 17-04-2024 | 10:10 PM

COLOMBO (News 1st) - ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල‍ සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, අදාළ නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ නැවක් බවයි.

මෙම යාත්‍රාව දකුණු ජස්ක් නගරයට කිලෝමීටර් 50 ක් පමණ ඔබ්බෙන් මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.

බේරා ගැණුනු නාවිකයින් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.