වගා නොකළ කුඹුරු කෘෂිකාර්මික කටයුතුවලට?

වගා නොකළ කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතුවලට ලබාදීමට තීරණයක්..

by Staff writer 17-04-2024 | 6:25 AM

COLOMBO (News 1st) - වගා නොකළ කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීම ලබන මාසයේ ආරම්භ කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එවැනි කුඹුරු අක්කර 40000ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

විවිධ හේතූන් මත කාලයක් තිස්සේ එම කුඹුරු වගා කර නැත.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මේ යටතේ අදාළ කුඹුුරු වෙනත් භෝග වගාවන් සඳහා යොදා ගත හැකි බවයි.

තමන් අයත් ප්‍රදේශයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයෙන් ඒ සඳහා උපදෙස් ලබා ගත හැකි බව ද දෙපාර්තමේන්තුව පැවසීය.