ශ්‍රීලනිප නව පත් කිරීම්වලට විරෝධතා..

ශ්‍රීලනිප නව පත් කිරීම්වලට එරෙහිව වැඩබලන මහ ලේකම්ගෙන් මැතිවරණ කොමිසමට විරෝධතා..

by Staff writer 17-04-2024 | 6:00 AM

COLOMBO (News 1st) - ශ්‍ර‍ී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල සිදු කළ පත් කිරීම්වලට එහි වැඩබලන මහ ලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවේ සිය විරෝධතා ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසුවේ, පක්ෂ ව්‍යවස්ථාවට අනුව සියලු කටයුතු සිදු විය යුතු බවට මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමේදී ඔහු පැවසූවේ, නීතිඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් තමන් වෙත ඒම විරෝධතා භාර දුන් බවයි.

හෙට (18) පැවැත්වෙන මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී ගත් තීරණ හා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති විරෝධතා සලකා බලා තීරණයක් ගන්නා බව ඔහු ප්‍රකාශ කළේ ය.