සා/පෙළ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ

සා/පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ..

by Staff writer 17-04-2024 | 5:51 AM

COLOMBO (News 1st) - 2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකියි.

පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙනු ඇති.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනි දා ආරම්භ කිරීමට නියමිත වේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ලබන 15 වැනි දා දක්වා විභාගය පැවැත්වෙන බවයි.

මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 452,979 කි.