.webp)
ඉරාන බලධාරීන් සඳහන් කළේ, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.
බේරා ගත් සෙසු සියලු දෙනා යහපත් සෞඛ්‍ය මට්ටමක පසුවන බව විදෙස් වාර්තාවල සඳහන් විය.
ඕමාන් බොක්ක ආසන්න මුහුදේ ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකික කාර්යමණ්ඩල සාමාජිකයන් 21 දෙනෙක් ඉරානය විසින් ඊයේ (17) බේරා ගෙන ඇත.
මෙම නෞකාව කුක් දූපත් ධජය යටතේ යාත්‍රා කළ නෞකාවකි.
නෞකාව දකුණු ජස්ක් නගරයට කිලෝමීටර් 50ක් පමණ ඔබ්බෙන් මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.