පළාත් 7ක උණුසුම අද වැඩි වෙයි

පළාත් 7ක උණුසුම අද ඉහළට අවධානයෙන් සිටින්නැයි උපදෙස්

by Staff writer 18-04-2024 | 7:54 AM

COLOMBO (News 1st) - පළාත් 7ක උණුසුම අද (18) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසුවේ, උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පළාත්වල උණුසුම අද (18) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවල උණුසුම ද අද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇත.

මෙම තත්ත්වයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.