සහල් ආනයනය සඳහා රජය ලබා දී ඇති කාලය හෙටින් අවසන්

සහල් ආනයනය සඳහා රජය ලබා දී ඇති කාලය හෙටින් අවසන්

by Staff writer 09-01-2025 | 7:04 AM

COLOMBO (News 1st) - ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115000ක් මේ වනවිට වෙළෙඳපොළට මුදා හැර ඇති බව රේගුව පවසයි.

කැකැළු සහල් මෙට්‍රික්ටොන් 45,000ක් සහ තැම්බු සහල් මෙට්‍රික්ටොන් 70000ක් ඒ අතරට ඇතුළත්ය.

සහල් ආනයනය සඳහා රජය ලබා දී ඇති කාලය හෙටින් අවසන් වේ.

වෙළෙඳපොළේ පැවති සහල් හිඟය සැලකිල්ලට ගෙන රජය විසින් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය සඳහා අවසර ලබා දුන්නේ ය.