KDU වෛද්‍ය උපාධිය සඳහා අයදුම් පත් කැඳවීම

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා අයදුම් පත්‍ර කැඳවීම මැයි 5 දක්වා අවස්ථාව

by Staff writer 21-04-2024 | 4:37 PM

COLOMBO (News 1st) - කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා අයදුම් කිරීමට මැයි මස 5 වැනිදා දක්වා අවස්ථාව ලබා දී තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ www.kdu.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කල හැකි බවයි.

පාඨාමාලා ගාස්තුව රුපියල් මිලියන 12.5 ක් .

අවුරුදු 5 ක කාලයක් පාඨාමාලාව හැදෑරිය යුතු වේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය දේශීය සිසුන්ටත් මුදල් ගෙවා හැදෑරිමට අවස්ථාව දීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කෙරිණි.

මේ අතර 2023 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ සඳහා 735 දෙ‍ෙනකු සුදුසුකම් ලබා ඇති බවයි.