පාස්කු ප්‍රහාරය ගැන තුන්දින පාර්ලිමේන්තු විවාදය අද

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන්දින පාර්ලිමේන්තු විවාදය අද ඇරඹෙයි..

by Staff writer 24-04-2024 | 7:12 AM

COLOMBO (News 1st) - පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන්දින කල් තැබීමේ විවාදය අද(24) පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට නියමිතයි. 

ඒ පසුගිය පස්වැනිදා රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුවයි.

මේ අතර, අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භයේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබේ. 

විෂ වර්ග අබිං හා අන්තරාදායක ඖෂධ අඥා පනත යටතේ නියෝග කිහිපයක්ද අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනු ඇති.